දියවැඩියා රෝගයෙන් පෙළෙන දහස් ගණනකගේ ජීවිත වෙනස් කිරීමට අවශ්‍ය විශේෂ පෙරළිකාර සායනික අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවය අඩු කළ හැකි ප්‍රතිශක්තිකරණ චිකිත්සක ඖෂධයක් නිපදවීමටයි පරීක්ශකයින් සමත් වී ඇත්තේ.
Queensland විශ්ව විද්‍යාලයේ ෆ්‍රේසර් ආයතනයේ මහාචාර්ය රන්ජෙනි තෝමස් විසින් මෙහෙයවන ලද මෙම පරීක්ශණ ඖෂධය, අග්න්‍යාශ සෛල වලින් ලැබෙන ප්‍රතිදේහජනකයක් සමඟ විටමින් D ඒකාබද්ධ කර එන්නතක් මෙන් සමට එන්නත් කරනු ලබනවා.
නව ඖෂධය ක්‍රියා කරන්නේ දියවැඩියාවේදී ශරීරයේ ඉන්සියුලින් නිපදවන සෛල වලට එරෙහිව ක්‍රියා කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත සකස් කිරීමෙන් වීම විශේශත්වයක්.
මෙම ඖෂධය මීයන් තුළ අත්හදා බැලීමක් සාර්ථක වී තිබෙනවා.
ඒ අනූව මිනිසුන් පිළිබඳ සායනික අධ්‍යයනයන් ඉදිරියේදී ආරම්භ වනු ඇති.