ගත වූ අවසන් පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
ගාසා තීරයේ පිහිටි නුසෙයිරාට් සරණාගත කඳවුරේ ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් එල්ල වූ ගුවන් ප්‍රහාරය ඉතා දරුණු වූ බවත්, එහි කම්පනය ගාසා තීරයේ සියලු පළාත්වලට දැනුණු බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සහනාධාර ට්‍රක් රථ තුන්දහසකට අධික ප්‍රමාණයක් ගාසා තීරයේ දේශසීමාවේ සිර වී ඇතැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ප්‍රකාශ කර ඇති බවත්, ඊශ්‍රායල හමුදාව මාස දෙකකට වැඩි කාලයක් පුරා සහනාධාර සැපයීම අවහිර කරමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.