වයස අවුරුදු 115යි දින 253ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා ඊයේ (1) නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි ගෙවූ බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් පෙරේදා (30) මියයෑම හේතුවෙන් කැටර්හැම් මෙලෙස නම් කිරීමට හේතුවුණා.
ලූකස් කන්‍යා සොහොයුරිය මියයන විට 116 වියේ පසු වූවා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස අද නිල වශයෙන් පත් වූ එතෙල් කැටර්හැම්, 1909 වසරේ අගෝස්තු 21වනදා උපත ලැබූ කාන්තාවක් වනවා.
ඇය 1909 වසරේදී උපත ලබා මෙලොව ජීවත්වන අවසන් පුද්ගලයාද වනවා.
එමෙන්ම කොවිඩ්-19 වලින් දිවි ගලවා ගත් වයස්ගතම කිහිප දෙනාගෙන් අයෙක්ද වනවා.
2020 වසරේදී ඇයට කෝවිඩ් ආසාදනය වනවිට වයස අවුරුදු 110 පසුවූවා.
කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා වුවත් මේ වනවිට ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාද මියගොස් සිටිනවා.
ඉන් ඇගේ දියණිය වයස අවුරුදු 82 දී මියගොස් තිබෙනවා.
එමෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරියක් වන ග්ලැඩිස් නම් කාන්තාවද දිගු ආයු කාලයක් ගතකළ අයෙකු වනවා.
ඇය 2002 වසරේ මියයන විට අවුරුදු 104යි දින 78ක් ජීවත්ව තිබෙනවා.