Latest News

අමෙරිකාවට සහ යුක්‍රේනය විශේෂ ගිවිසුමකට අත්සන් කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා අමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට, අමෙරිකාවට සහ යුක්‍රේනය පසුගියදා අත්සන් තැබුවා.

යුක්‍රේනය වෙනුවෙන් ආයෝජන අරමුදලක් පිහිටුවීම සඳහා යුක්‍රේන භූමියේ ඇති දුර්ලභ ඛනිජ සම්පත්වලට අමෙරිකාවට ප්‍රවේශය ලබාදීමට එරට තීරණය කර තිබුණා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ සිට යුක්‍රේනය මෙම ස්වභාවික සම්පත් ගිවිසුමට අමෙරිකාව සමග එළැඹීමට උත්සාහ කළා.

සති ගණනක සාකච්ඡාවලින් පසුව දෙරට මෙම ගිවිසුමට එළැඹි අතර සාකච්ඡා අතරමගදී කෙටි කලකට අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදෙන ආධාර නතර කිරීමටද කටයුතු කළා.

ගිවිසුම පිළිබඳව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ රුසියාව විශාල මෙන්ම ශක්තිමත් ප්‍රතිවාදියෙක් බවත් ඒ හේතුවෙන් යුක්‍රේනය විසින් අමෙරිකාව සමග මෙම ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට තේරුම් කර දුන් බවයි.

World News