Latest News

AI හරහා අසභ්‍ය නිර්මාණ කරන්නන්ට එරෙහිව අලුත් නීති එයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කෘතිම බුද්ධි උපයෝගී කරගනිමින් සිදුකරන පුද්ගල හානිකර දෑ සම්බන්ධයෙන් නව නීති සම්මත කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සූදානම් වනවා.

Deepfakes තාක්ෂණය මඟින් නිර්මාණය කරන හානිකර පින්තූර සහ වීඩියෝ වලින් බලපෑමට ලක්වන පුද්ගලයින් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එන බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

ඒ අනුව Deepfakes භාවිතා කරන වැරදිකරුවන්ට හැකි ඉක්මනින් බන්ධනාගාරගත කිරීමේ නීතිය ගෙන ඒමට දකුණු ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

පුද්ගලයෙකුගේ ලිංගිකත්වය මෙන්ම සම්මුතියෙන් තොරව ව්‍යාජ ලෙස නිර්මාණය කරන පින්තූර සම්බන්ධයෙන් පැමිණිලි වැඩිවීමෙන් මෙම ව්‍යවස්ථා සම්පාදනය කිරීමට නැඹුරු වූ බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

එවැනි ආකාරයේ පින්තූර වසරින් වසර සියයට 500 කට වඩා ඉහළ යමින් පවතිනවා.

විශේෂයෙන් කෘතිම බුද්ධිය භාවිත කරමින් අසභ්‍ය පින්තූර සියයට 90 ක් නිර්මාණය වන අතර ඉන් සියයට 99 ක්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් ඉලක්කර කර ගන්නා බවයි දකුණු ඔස්ට්‍රේලියා නීතිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

දකුණු ඔස්ට්‍රේලියා දේශපාලනඥයෙකු සඳහන් කළේ යෝජිත නීතිය යටතේ ඩීප්ෆේක් නිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීමේ වැරදිකරුවන්ට වසර 4 ක සිර දඬුවමක් හෝ ඩොලර් 20,000 ක ඉහළ දඩයක් පනවන බවයි.

World News