Latest News

ඉන්දියාවේ ජල ගිවිසුම් ගැටලුවට පාකිස්තානය ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ගවලට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව ජල ගිවිසුම් අත්හිටුවීමට එරෙහිව පාකිස්තානය සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ජාත්‍යන්තර නීතියේ සහාය අපේක්ෂා කර තිබෙනවා.

dawn.com පුවත් සේවය පැවසුවේ, ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දීය රජය ගත් පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජයට සහාය වීම සඳහා රටේ ඉහළම නීති ආයතනය මගින් කමිටුවක් පිහිටුවා ඇති බවයි.

ගිවිසුමේ පහසුකම් සපයන්නා වන ලෝක බැංකුවේ දී මෙම ගැටලුව මතු කිරීම ඇතුළුව අවම වශයෙන් වෙනස් නීතිමය විකල්ප තුනක් සඳහා තම රජය සැලසුම් සකස් කරමින් සිටින බව පාකිස්තානයේ නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අකීල් මලික් රොයිටර් පුවත් සේවයට පැවසුවා.

ඉන්දියාව 1969 ගිවිසුම් නීතිය පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට තර්ක කළ හැකි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ හෝ හේග් නුවර දී ජාත්‍යන්තර අධිකරණයේ පියවර ගැනීම ගැන ද සලකා බලමින් සිටින බවයි හෙතෙම පැවසුවේ.

World News

Send your contact Details Today