ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩු වී තිබෙන බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත් කර ඇති ඇති වාර්තාවක සඳහන් වනවා.
2023 වර්ෂයේ දි ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 4.7ක් වාර්තා වූ අතර එය 2024 වර්ෂයේ දි සියයට 4.4 දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි මෙරට සේවා වියුක්ත හා සේවා නියුක්ත ජනගහනය ද අඩු වී තිබෙන බවයි මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර විදේශසේවා නියුක්ති කාර්යංශයේ දත්ත වලට අනුව 2023 වර්ෂයේ දි විදේශ රැකියා සඳහා දෙලක්ෂ, අනුහත්දහස්, හයසියපනස්හය දෙනෙකු (297,656) පිටත්ව ගොස් තිබුණා.
2024 වර්ෂයේ දිදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව තුන්ලක්ෂ, දාහතරදහස්, අටසියවිසිඅට දක්වා (314,828) සියයට 5.8කින් ඉහළ ගොස් තිබුණා.
විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාවෙන් සියයට 59.3ක්,පිරිමි පුද්ගලයින් වන අතර සියයට 40.7ක් කාන්තාවන් බවද විදේශසේවා නියුක්ති කාර්යංශය පවසනවා.