Latest News

පෙර සැකසූ ආහාර අනුභව කරන අයට අනතුරු ඇඟවීමක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙර සැකසූ ආහාර (UPFs) අධික ලෙස පරිභෝජනය කිරීම රටවල් අටක් පුරා සිදුවන අකල් මරණවලට සැළකිව යුතු ලෙස සම්බන්ධ වී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ‘ඇමරිකා ජර්නල් ඔෆ් ප්‍රෙවෙන්ටිව් මෙඩිසින්’ නමැති සඟරාව ඔස්සේ ප්‍රකාශයට පත්කරන ලද නව අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි.

ඒ සඳහා සහභාගී වූ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සැකසූ ආහාර (UPFs) පරිභෝජනයේ සෑම 10% ක වැඩිවීමක්ම මරණ අවදානම 2.7% කින් ඉහළ නංවන බවයි.

රට අනුව, වයස අවුරුදු 30-69 අතර වැඩිහිටියන් අතර සිදුවන අකල් මරණවලින් 4% සිට 14% දක්වා ප්‍රමාණයකට සැකසූ ආහාර වගකිව යුතු බව අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය එවැනි මරණ සඳහා ඉහළම අනුපාත පෙන්නුම් කළ අතර, සැකසූ ආහාර මරණ වලින් 14% කට ආසන්න ප්‍රමාණයකට දායක වී තිබෙනවා.

කෙසේවෙතත් සැකසූ ආහාර පරිභෝජනය සාපේක්ෂව අඩු කොලොම්බියාව සහ බ්‍රසීලය වැනි රටවල එම ප්‍රතිශතය කුඩා නමුත් තවමත් කැපීපෙනෙන බලපෑම් එල්ල වෙමින් ඇතැයි පෙන්නුම් කර තිබෙනවා.

නැවුම් සහ අවම වශයෙන් සැකසූ ආහාර පරිභෝජනය දිරිමත් කිරීම ඉලක්ක කරගත් ශක්තිමත් රෙගුලාසි, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආහාර මාර්ගෝපදේශ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කරන මෙම අධ්‍යයනය, අතිශය සැකසූ ආහාර පරිභෝජනය අඩුකිරීම ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවක් විය යුතු බව ද අවධාරණය කරනවා.

අධ්‍යයනය සඳහා භාවිත කර ඇති සැකසූ ආහාර ලැයිස්තුව මෙසේයි…

– ඇසුරුම් කළ කෙටි ආහාර (චිප්ස්, බිස්කට්, ස්නැක්ස්)

– සීනි සහිත උදෑසන ධාන්‍ය වර්ග

– ක්ෂණික නූඩ්ල්ස් සහ කෑමට සූදානම් ආහාර

– සිසිල් බීම, ශක්තිජනක බීම සහ පැණිරස බෝතල් කළ තේ

– ක්ෂණික ආහාර (බර්ගර්, බැදපු කුකුළු මස්, පීසා)

– නැවත සකස් කරන ලද මස් නිෂ්පාදන (හොට් ඩෝග්, සොසේජස්)

– රස කළ යෝගට්

– අයිස් ක්‍රීම් සහ ශීත කළ අතුරුපස

– පැණිරස පළතුරු යුෂ සහ පළතුරු රසැති බීම

– මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද ඇසුරුම් කළ පාන් සහ බනිස්

– රසකැවිලි (චොකලට්, කැන්ඩි, චුවිංගම්)

– මාගරින් සහ මේද තැවරුම්

– කුඩු හෝ ඇසුරුම් කළ සුප්

– කෘතිම පැණිරස බීම

– සැකසූ චීස් නිෂ්පාදන (චීස් පෙති, චීස් ස්ප්‍රෙඩ්)

– පෙර සූදානම් කළ පැස්ටා සෝස්

World News