බටහිර ආසියානු රාජ්‍යයක් වන ආර්මේනියාවේ විශාලතම අවිආයුධ සැපයුම්කරු බවට ඉන්දියාව පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආර්මේනියාව විසින් අපනයනය කරනු ලබන අවිආයුධවලින් 43%ක්ම ඉන්දියාවෙන් සපයන බවත්, ඊට ආකාශ් වැනි ඉන්දියාවේ ප්‍රබල මිසයිල ද ඇතුළත් වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මීට වසර දෙකකට පෙර ඉන්දීය අවි නිෂ්පාදකයන් ආර්මේනියාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 600ක ගිවිසුමකට ද අත්සන් තබා ඇති අතර, ආර්මේනියාව ඉන්දීය හමුදා තාක්ෂණය මත වැඩි විශ්වාසය තබා සිටීම ඊට හේතු වී තිබෙන බව ද සඳහන්.
ආර්මේනියාව සිය අවිආයුධ අපනයනය සඳහා විශාලම සැපයුම්කරු ලෙස ඉන්දියාව තෝරා ගැනීමෙන් එතෙක් එරට සම්ප්‍රදායික අවිආයුධ සැපයුම්කරු ලෙස කටයුතු කළ රුසියාව අබිබවා යෑමට ඉන්දියාව සමත් වී ඇති බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතන වාර්තාවක සඳහන් වන බව ද වාර්තා වනවා.
පසුගිය වසර දෙකක කාලය ඇතුළත ඉන්දියාව අවිආයුධ නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 15ක සීමාවට අවතීර්ණ වූ බව ද වාර්තා වනවා.