Latest News

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800කට වැඩ වරදී

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුණු අපරාධකරුවන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800කට වැඩි සංඛ්‍යාවක් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පොලීසිය විසින් සිදු කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට පත්වී තිබෙන බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මේ දැවැන්ත මෙහෙයුම ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලීසිය ෆෙඩරල් සංක්‍රමණ නියෝජිතයන් සමඟ ඒකාබද්ධව සිදු කළ පළමු වැටලීම බවයි එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

දින 4ක් පුරා සිදු කළ එම වැටලීමේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලීසියට අත්‍යවශ්‍ය වී සිටි අපරාධකරුවන් ද හඳුනා ගැනීමට හැකිවූ බව ද වාර්තා වනවා.

කොලොම්බියානු සහ රුසියානු ජාතිකයන් රැසක් ද ඒ අතර සිටින බව ද නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today