Latest News

බෝයිං ගුවන් යානා ආපසු හරවා යැවීම සම්බන්ධව චීනයෙන් ප්‍රකාශයක්

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් බෝයිං ගුවන් යානා නැවත හරවා එවා ඇති බවට බෝයිං ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයා පසුගිය දා ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (29) චීන වාණිජ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා.

ඒ අනුව චීනයට එවන ලද බෝයිං සමාගමේ ගුවන් යානා නැවත ඇමරිකාවට යොමු කළ බවයි චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ.

අමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්ති ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට දැඩි ලෙස බලපා ඇති බවත්, එමගින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා වෙළඳපොළ කඩාකප්පල් කර ඇති බවත් චීනය සඳහන් කළා.

මෙම තීරුබදු පියවර බොහෝ සමාගම්වල සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතුවලට බාධා එල්ල කළ බව ද චීනය සඳහන් කරනවා.

චීනයේ අදාළ ගුවන් සමාගම්වලට සහ ඇමරිකාවේ බෝයිං සමාගමට ද ඉන් විශාල හානි සිදු වී ඇති බවයි චීන වාණිජ අමාත්‍යංශය පවසන්නේ.

දෙරට ව්‍යවසායන් අතර සාමාන්‍ය ව්‍යාපාරික සහයෝගීතාවයට අඛණ්ඩව සහාය දීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, අමරිකාවට සිය ව්‍යවසායන්ගේ අවශ්‍යතා සලකා බලමින් ‍සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන වාණිජ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News