ඔස්ට්‍රේලියානු ටෙනිස් තරුවක් වන Max Purcell ට මාස 18 ක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.
ඒ තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අඟහරුවාදා ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා ඒජන්සිය (ITIA) විසින් මෙම තහනම තහවුරු කර තිබෙනවා.
Grand Slam ද්විත්ව ශූරයෙකු වූ 27 හැවිරිදි ඔහු 2023 දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක එන්නත් ලබා ගෙන තිබෙන බව පරීක්ෂණ වලදී හෙළි වුණා.
මේ නිසා 2024 ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය ඇතුළුව ඔහු දිනා ගත් ඩොලර් 200,000 කට වඩා වැඩි ත්‍යාග මුදල් ආපසු ගෙවීමටත් සිදු වෙනවා.
Purcell ට පැනවූ තහනම 2026 ජුනි 11 වන දින අවසන් වන අතර ඔහු සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද සටහනක දක්වා තිබුණේ, මෙම තීන්දුව තමන්ගේ ජීවන තත්ත්වයට බරපතල ලෙස බලපාන නමුත් තහනම අවසන් වූ පසු නැවත පැමිණෙන බවයි.
ITIA ප්‍රධාන විධායක නිලධාරී කැරන් මූර්හවුස් පවසන්නේ සැමට සමාන ක්‍රීඩා පිටියක් සහතික කිරීම තමන්ගේ ප්‍රමුඛ අරමුණක් බවයි.