Latest News

වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරගන්නේ මෙහෙමයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඒ, අනුව දන්සැල් පවත්වන පුද්ගලයින්ට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින්, දන්සැල් ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් ලබාගත ගහැකි බවයි සභපතිවරයා සඳහන් කළේ.

එලෙස ලබාගන්නා අයදුම්පත් සම්පූර්ණකර කඩිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත භාරදෙන ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව සඳහන් කළ සභාපතිවරයා, දන්සැල පවත්වනු ලබන අවස්ථාවේ හා ඊට පෙර එම පරීක්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන බව සභාපතිවරයා දැනුම් දුන්නා.

World News