Latest News

ශ්‍රී ලංකාවේ බස් රථවලට අනිවාර්ය කිරීමට යන දෙයක් ගැන දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ බස් රථවලට GPS සහ CCTV සවි කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එසේම, බස් රථ රියදුරන් සඳහා ආසන පටි අනිවාර්ය කිරීම ඇතුළු තීරණ කිහිපයක් පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවට අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් නවයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්ගේ සභාපතිවරු සහභාගී වුණා.

NTC, SLTB සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, විශේෂ තීරණ රැසකට එළඹුණා.

මෙම සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ පහතින්,

  • පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
  • සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.
  • බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.
  • විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.
  • බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.
  • Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම (යම් කාලයක් ලබා දී)
  • මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.
  • බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.
  • නව බස් රථ සඳහා මාර්ග හදුනා ගැනීම.
  • සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට whatsapp අංක ලබා දීම(NTC, SLTB සහ පළා 9 සඳහා) හා ඒවා බස් රථවල ප්‍රදර්ශනය කිරීම.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වැඩකටයුතු ඉක්මනින් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙන අතර එම තීරණවල ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය නිරන්තරයෙන් සමීක්ෂණය කරන ලෙසද ඔහු උපදෙස් ලබා දුන්නා.

World News