Latest News

IPL පිටියේ වාර්තා පිට වාර්තා තැබූ අවුරුදු 14 කොල්ලා

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

IPL තරග ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය වාර්තා කරන්නර රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩක වෛභව් සූර්යවංශිට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

එමෙන්ම IPL පිටියේ ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වන්නට ද, තවමත් 14 හැවිරිදි වියේ පසුවන වෛභව් සූර්යවංශිට හැකියාව හිමිවීම විශේෂතාවයක්.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ඊයේ (28) ජායිපූර් හිදී පැවති තරගයේ දී මෙම දස්කම දක්වන්නට ඔහුට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී පන්දු 35ක් තුළ ශතකය වාර්තා කරන්නට වෛභව් සූර්යවංශි සමත් වූ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඔහු පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 101ක් රැස් කළා.

ගුජරාට් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ සූර්යවංශි සිය ඉනිම දැවැන්ත හයේ පහර 11කින් සහ හතරේ පහර 07කින් වර්ණවත් කර ගත්තා.

මේ අතර සූර්යවංශි මෙම තරගයේ දී අර්ධ ශතකය රැස්කිරීමට පන්දු 17ක් පමණක් වැයකළ අතර, එය මෙවර IPL තරගාවලියේ පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසට ද වාර්තා පොත් අතරට එක්වනවා.

රාජස්ථාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (28) පැවති මෙම තරගය කඩුලු 08කින් ජයගන්නට රාජස්ථාන් කණ්ඩායමට හැකියාව ලැබුණා.

World News