තමන් රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බවත් සාම සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්නොවන්නේ නම් ඉන් ඉවත්විය හැකි බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යුක්‍රේන ජනාධිපති ව්ලෝද්මියර් සෙලෙන්ස්කි සමඟ වතිකානයේ පැවැති සාකච්ජා පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකා ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඉදිරියේදී රුසියානු ජනාධිපතිවරයා සමඟ නැවත සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛතම මාතෘකාවක් වූ යුක්රේන යුද්ධය පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, යුක්‍රේන සාම වැඩපිළිවෙළේ ප්‍රගතියක් නොමැති නම් අමෙරිකාව එම වැඩපිළිවෙළ අත්හරින බවයි.