Latest News

කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී සිදු වූ අනතුරින් මියගිය ගණන ඉහළට

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ වැන්කුවර් හි වීදි උත්සවයකදී මෝටර් රථයක් පිරිසක් වෙත කඩා වැදීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දකවා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර මෝටර් රථය ධාවනය කළ 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ චෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැන්කුවර් පැවති පිලිපීන සංස්කෘතිය සැමරූ උත්සවයකට රැස්ව සිටි පිරිසක් අතරට සැකකරු විසින් මෝටර් රථය ධාවනය කර අනතුර සිදුකර තිබුණා.

සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගිය 11 දෙනාගේ අනන්‍යතාවය හෙළි නොකිරීමටයි කැනඩා බලධාරීන් කටයුතු කර ඇත්තේ.

කැනඩා ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

World News