Latest News

ඉරාන වරායේ පිපිරීමෙන් මියගිය පිරිස ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ ඊයේ (26) පිපිරීමක් සිදු වුණා.

එම පිපිරුමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන මාධ්‍ය තහවුරු කරනු ලබන්නේ එම පිපිරීමෙන් 750 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

එසේම තවත් පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා.

වරායේ පිපිරීම කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇති අතර පිපිරීම ඇති වීමට ප්‍රථම ගින්න ත්‍රීව්‍ර ලෙස වර්ධනය වී පසුව පිපුරුමක් දක්වා එය පැමිණ තිබෙනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිපිරිමට හේතුව අනතුරුදායක භාණ්ඩ හා රසායනික ද්‍රව්‍ය විය හැකි බවයි ඉරාන රේගු අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ.

ෂාහිඩ් රාජි වරාය ඉරානයේ විශාලතම සහ වඩාත්ම දියුණු පර්යන්ත වන අතර රටේ වානිජ නැව් ගමනාගමනයෙන් වැඩි ප්‍රමාණයක් මෙම වරාය හරහා සිදුවනවා.

World News