2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ ඉසව්ව මැයි 10 සහ 11 යන දෙදින චීනයේ ගුවැන්ෂු හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, එක්සත් ජනපදය වැනි ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී වන මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වේ 3:15.41 ක කාලය මත පදනම්ව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.
මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, සදෙව් රාජකරුණා, හර්ෂනි ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක විසින්.