ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දැව පෙට්ටිය සිකුරාදා (25) රාත්‍රියේ මුද්‍රා තැබුණා.
ඒ අනුව දින තුනක් බැතිමතුන්ගේ ගරු බුහුමන් දැක්වීම පිණිස ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර තබා එය නිල වශයෙන් අවසන් කරන පෞද්ගලික චාරිත්‍රයක් ලෙස මෙම මුද්‍රා තැබීම සිදු කෙරෙනවා.
ලතින් අමෙරිකාවෙන් පැමිණි පළමු පාප්වරයා සහ ජේසු නිකායෙන් පැමිණි පළමු පාප්වරයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ශාන්ත පීතර බැසිලිකාවට බැතිමතුන් 250,000 ක පමණ පිරිසක් පසුගිය දිනවල පැමිණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය වසා දැමීමේ පූජනීය චාරිත්‍රය මෙහෙයවනු ලැබුවේ දේවස්ථානයේ වැඩබලන ප්‍රධානියා වන කාදිනල් කැමර්ලෙන්ගෝ කෙවින් ෆැරල් විසින්.
ඔහු පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා කටයුතු සම්පාදනය කිරීමේ වගකීම දරනවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඥාතීන් කිහිප දෙනෙකු ද මෙම චාරිත්‍රයට සහභාගී වුණා.
දේහය මුද්‍රා තැබීමෙන් පසු පැවති උත්සවයට කෙටි ගීතිකා කිහිපයක්, වාචික යාච්ඤා සහ නිහඬ යාච්ඤාවක් ඇතුලත්ව තිබුණා.
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) වතිකාන වේලාවෙන් උදෑසන 10.00ට සාන්ත මේරි මැජියෝරි බැසිලිකාවේදී සිදු කිරිමට නියමිතයි.