Latest News

සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් කළ යුතු දේ චීනයෙන්, අමෙරිකාවට කියයි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තීරුබදු සම්බන්ධයේ සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් පනවා ඇති තීරුබදු ඉවත් කරන ලෙස චීනය ඇමෙරිකාවට දැනුම් දී තිබෙනවා.

චීනය හා ඇමෙරිකාව අතර පවත්නා වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න වීම වළක්වාලමින් පනවා ඇති තීරු බදු අත්හිටුවන ලෙසයි චීනය ඇමෙරිකාවට දැනුම් දී ඇත්තේ.

එසේ නොවුනහොත් චීනය වෙළෙඳ සාකච්ඡා සඳහා සහභාගී නොවන බවද සඳහන් කර තිබෙනවා.

චීනය ඇනවුම් කළ බෝයිං ගුවන්යානා ආපසු හරවා යැවීමත් සමග දෙරට අතර පවත්නා වෙළඳ යුද්ධය තවදුරටත් ඉහළ ගියා.

කෙසේ වුවද චීනයට පැනවූ තීරුබදු ක්‍රමානුකූලව පහළ යාමක් සිදු විය හැකි අතර එය කිසි විටෙක බින්දුවේ අගය නොගන්නා බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනය කරන්නේ.

ඇමෙරිකාවෙන් චීනයට සියයට 145ක තීරුබදු පනවා ඇති අතර චීනය ඇමෙරිකාවට සියයට 125ක තීරුබදු පැනවීමක් සිදු කළා.

World News