Latest News

ඔස්ට්‍රලේසියා කලාපයේ වයස්ගතම චිම්පන්සියා ගැන කණගාටුදායක පුවතක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රලේසියා කලාපයේ ජීවත් වූ වයස්ගතම චිම්පන්සියා වන 53 හැවිරිදි Cassius, බ්‍රහස්පතින්දා දිනයේදී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ Rockhampton සත්වෝද්‍යානයේ දී සිටියදීයි.

කාලයක් පුරා ආතරයිටිස් සහ ඩිමෙන්ෂියා රෝග ලක්ෂණවලින් පෙළුණු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වීමෙන් පසු වේදනා රහිතව මරා දැමීමට තීරණය වුණා.

ඔහුගේ අවසන් දිනය රස කැවිලිවලින් හා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ ආදරයෙන් සැමරුණු අතර, ඔහුගේ චිම්පන්සි කණ්ඩායමටද ඔහුගේ වියෝව තේරුම් ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.

1971 දී Coolangatta හි දී උපත ලද Cassius, 1986දී ද රෝග බියක් හේතුවෙන් වේදනා රහිතව මරා දැමීමට නියමිතව සිටියා.

සාමාන්‍ය චිම්පන්සියකුගේ ආයුෂ 30-40ත් අතර වුවත්, Rockhampton සත්වෝද්‍යානයට ගෙන ඒමෙන් පසුව වැඩි කලක් ජීවත් වීමේ වාසනාවක් ලැබුණා.

ප්‍රජාවේ හදවත් දිනා ගත්ආදරණීය සත්ත්වයකු වූ Cassius ගේ සිහිවටන උත්සවයක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

World News