Latest News

කුමන ජාතික වනෝද්‍යානයේ කොටි ගහණය ගැන අලුත්ම අනාවරණයක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙනවා.

එම පර්යේෂණයට අනුව, කුමන ජාතික වනෝද්‍යානයේ වර්ග කිලෝමීටර් 100ක් තුල කොටියන් 41කට වාසස්ථාන සපයන බවට හෙළි වී ඇති අතර,එම ප්‍රමාණය දෙවැනි වන්නේ ශ්‍රි ලංකාවෙිම යාල ජාතික වනෝද්‍යානයට පමණයි.

යාල ජාතික වනෝද්‍යානයේ, වර්ග කිලෝමීටර් 100ක් තුල වාර්තාවන කොටි ගහන ඝනත්වය 54 කි. එය ලොව වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය වනවා.

ගෝලීය වශයෙන් කොටියන්ගේ ව්‍යාප්තිය සැලකීමේදි වැඩිම කොටියන් ප්‍රමාණයක් වාර්තාවන රාජ්‍යය වන්නේ ඉන්දියාවයි.

ඉන්පසුව රුසියාව,ඉන්දුනීසියාව, මලයාසියාව, නේපාලය,තායිලන්තය, බංගලාදේශය, යන රටවල කොටි ගහනය වැඩිම රාජ්‍යයන් ලෙස නම්දරා තිබෙනවා.

නමුත් කොටි ගහන ඝනත්වය සැලකීමේදී ශ්‍රී ලංකාව ලොව අනෙක් රටවලට වඩා ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් බවටයි හදුනාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවෙි වෙසෙන බිලාලයන්ගෙන්, විශාලතම සාමාජිකයා වන කොටියා, ලොව වෙසෙන කොටියන්ගේ උප විශේෂයක් ( sub species ) වන අතර, එම උප විශේෂය ශ්‍රි ලංකාවට පමනක් ආවෙිණික වීම විශේෂත්වයක්.

“ශ්‍රි ලංකාවෙි වෙසෙන කොටි විශේෂය වර්තමානයේ දැඩි තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්.කොටියන් සාමාන්‍යයෙන් වාර්ශික වර්ෂාපතනය මි.මි 1000ට අඩු ශුෂ්ක කලාපයේ වගේම වාර්ශික වර්ෂාපතනය මි.මි 2000ට වැඩි තෙත් කලාපයෙත් හමුවෙනවා. වර්තාවලට අනුව ලංකාව තුල ජිවත්වෙන්නේ සංඛ්‍යත්මකව කොටියන් දාහකටත් අඩු සංඛ්‍යවකුයි.මෙි හේතුව නිසා I U C N රතු දත්ත නාමාවලී වර්ගීකරනය යටතේ, වඳවිමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් විදිහටයි ලංකා කොටියා හදුනගෙන තියෙන්නේ, මෙි කොටි විශේෂය සත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ( Panthera pardus kotiya ) ලෙස හදුන්වනවා.මොවුන් පරිසර පද්ධතිවල ජිවත්වන මුල්ගල් විශේෂයක් (keystone species) ලෙස සහ සංරක්ෂණ අර්ථයෙන් ගත්තම ධජයධාරී (flagship species ) එහෙමත් නැතිනම් ජත්‍රධාරී (umbrella species ) විශේෂයක් විදිහටයි සලකන්නේ”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය දුලාන් ජයසේකර මහතා පවසනවා.

කොටියන් නැරඹිම සදහා එන දෙස් විදෙස් සංචාරකයන් ඒ සදහා වැඩි වශයෙන් තෝරාගන්නේ යාල හෝ විල්පත්තු වනෝද්‍යානයි.

නමුත් මෙම නව සොයා ගැනිමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් කුමන වනෝද්‍යානයට ආකර්ශණය වෙතැයි පර්යේෂකයෝ විශ්වාසය පලකරනවා.

ඔවුන් පවසන්නේ කොටි නැරඹිමට යාල වනෝද්‍යානයට එන සංචාරකයන්ට, යාලට අමතරව කුමනද, හොද ගමානාන්තයක් විය හැකි බවයි.

“කුමන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුරැල්ලන්ටයි. නමුත් කුමන වනෝද්‍යානය කියන්නේ, කොටියන්ට හොද වාස්ථානය බවට අපට තේරැණා. ඒකයි අපි මේ සමීක්ෂණය කුමන වනෝද්‍යානය තුල කරන්න හිතුවෙි. අනික ඒ වෙන කොට කුමන ජාතික වනෝද්‍යනයේ වෙසෙන කොටියන් සමිබන්ධයෙන් කිසිඳු ගවෙිෂණයක් කිසිවෙකු සිදුකරලා තිබුනේ නැහැ. ඒක අපට මෙි ගවෙිෂණය කරන්න හොඳ උත්තේජනයක් වුණා.”

මෙම පර්යේෂණ කන්ඩායමේ සමාජිකයකු වන පසිදු රුද්‍රිගෝ මහතා පවසනවා.

කුමන ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 357ක් පුරා ව්‍යාප්තව පවතිනවා.

ඉන් සංචාරකයන්ට විවෘත කර ඇත්තේ, වර්ගකිලෝමීටර් 115ක් පමණයි.  

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා අධ්‍යයන අංශයේ  පර්යේෂකයන් කණ්ඩායම, මෙම ගවේෂණ කටයුත්තට තෝරාගෙන තිබුණේ, මහජනයාට විවෘතකර ඇති භුමියයි.

ඔවුන් පවසන්නේ, කැමරා දහයක් යොදාගෙන කොටියන් ගැවසෙන ස්ථාන 32ක් තුල ලබාගත් ජායාරෑප දත්ත පරිශිලනය කරමින් මෙම ගවෙිෂණය සිදුකල බවයි.

“අපි 2022 වසරේ මැද භාගයේ සිට වසර දෙකක් මෙම ගවෙිෂණය කළා. අපේ මෙම ගවෙිෂණයේ අරමුණ වුණේ, කොටියන්ගේ ගහණ ඝනත්වය සොයාබැලිම විතරක් නෙමෙයි, ඊට අමතරව,කොටියන්ගේ අවකාශය පිහිටුවීම, වගේම ඔවුන්ගේ සක්‍රීය කාල රටාව පිලිබදවත් මෙම පර්යේෂණයෙන් සොයා බැලුවා.අපේ නිරීක්ෂණයන්ට අනුව කුමන කියන්නේ, කොටියන්ට වඩාත් සුදුසු වාස භුමියක්, මෙම කොටියන්, වනෝද්‍යානයේ කලපු සහ වැවි ආශ්‍රිතව වගේම ගල්තලා සහිත කදුවැටි වාසස්ථාන සහිත ප්‍රදේශවල පැතිරිලා ඉන්නවා. මීට හේතුව ගොදුරැ සොයා ගැනිමෙි පහසුව සහ වාසස්ථාන නිසා විය හැකියි.  මෙම පර්යේෂණ දත්ත සංරක්ෂවෙිදීන්ට වගේම සංචාරක කර්මාන්තයටත් එක ලෙස පිටුවහලක් වෙයි කියලා අපි හිතනවා.”

පසිඳු රුද්‍රිගෝ මහතා තවදුරටත් සඳහන් කළා.

මෙම නව සොයාගැනිම සදහා  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශනී මහඋල්පත මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත,වනජිවි පර්යේෂකයන් වන ආචාර්ය දුලාන් ජයසේකර,පසිඳු රුද්‍රිගෝ,චානීමා අනවරත්න,හිරැණි වීරසිංහ,අජිත් කුමාර,චරණි ගුණතිලක,සචිනි සිගේරා,පවන් විශ්මිත්,විනුරි මෙන්ඩිස්,තරංගා ධනංජනී,වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි, කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යානපාලක දිලන්ත සමරනායක, හා එම වනෝද්‍යානයේ වසන්ත දිසානායක යන ගවෙිෂකයන් පිරිස, මෙම ගවෙිෂණය සදහා එක්ව තිබෙනවා.

ලෝක සංරක්ෂණ සංගමයේ (I U C N ) බිලාලයන් පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙන අන්දමට, ශ්‍රි ලංකාවෙි වාර්තාවන කොටියන් සංඛාව 700 – 950 පමණ වනවා.

මෙම ප්‍රමාණයෙන් කොටියන් 650ක් පමණ වනෝද්‍යාන හෝ රක්ෂිතවල වෙසෙන බවත්, තවත් සතුන් 150ක් පමණ රක්ෂිත ප්‍රදේශවලින් බැහැරවද ජිවත්වෙන බවත් එම සංගමය පවසනවා.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ කොටියන්ට ඇති බරපතලම තර්ජනය සත්ව කොටස් ලබා ගැනිම සදහා දඩයම් කිරිම හා කොටි මිනිස් ගැටුම බවයි.

ඊට අමතරව වන විනාශය, වනාන්තර ඛන්ඩණයවීම, අක්‍රමවත් සංවර්ධනය ද කොටි ගහණය අඩුවිම කෙරහි විශාල බලපෑමක් ඇතිකර ඇති බවද,එම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.

World News