Latest News

ශ්‍රී ලංකා ජනගහනයෙන්, දුප්පත් ජනතාවගේ ගණන් මිමි ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් බව ලෝක බැංකුව පවසනවා.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් විසිනුයි මේ බව පවසා ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි ලෝක බැංකුව පෙන්වාදෙන්නේ.

එහෙත් ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බවයි ලෝක බැංකුව පවසන්නේ.

ඒ වෙනුවෙන් රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ යුතු බවද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කළා.

“Stay on Track” යන මාතෘකාවෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් ධනාත්මක ආර්ථික වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය තිබියදීත්, ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බවයි අවධාරණය කර ඇත්තේ.

World News