Latest News

සෙලෙන්ස්කිට, ට්‍රම්ප්ගෙන් චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදු කිරීමෙන් සාම සාකච්ඡාවලට බාධා එල්ල කරන බවට පවසමින් .

මාධ්‍ය සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියා අර්ධද්වීපයේ පාලනය රුසියාව යටතේ පැවැතීම යුක්රේනය පිළිනොගන්නා බැවින් ගැටුම් දුරදිග යෑම වැළැක්විය නොහැකි බවයි.

යුද ගැටුම් නිමා කිරීම සම්බන්ධව දෙපාර්ශ්වය එකඟතාවකට නොපැමිණෙන්නේ නම් අමෙරිකාව සාම සාකච්ඡාවලින් ඉවත් වන බවට පසුගියදා අමෙරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් ද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

වසර 2014 දී රුසියාව විසින් නීතිවිරෝධීව අත්කර ගනු ලැබූ ක්‍රිමියාව රුසියාවේ කලාපයක් ලෙස පිළිගැනීමට අමෙරිකාව යෝජනා කර ඇති බවත්, එය ව්‍යවස්ථාවට පටහැනි බවට සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News