Latest News

ශ්‍රී ලංකා ආර්ථිකයේ සුභවාදී වර්ධනයක්

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසනවා.

ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්.

මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

World News