Latest News

වසර 107ක් පැරණි හමුදා විරුවන්ගේ මෘත දේහයන් හමුවෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 107 පැරණි හමුදා විරුවන්ගේ මෘත දේහයන් හමුවී තිබෙනවා.

ඒ අනුව පළමුවන ලෝක යුද්ධයේදී මියගිය ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් සිව් දෙනෙකුගේ දේහයන් උතුරු ප්‍රංශයේ ක්ෂේත්‍ර කටයුතු අතරතුරදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, 1917 මැයි මාසයේ දෙවන බුල්කෝට් සටනේදී සොල්දාදුවන් දස දහසක් මෙන්ම ඕස්ට්‍රේලියානුවන් 3,700 ක් පමණ මියගියා.

මෙම නව සොයාගැනිමත් සමග පළමු ලෝක යුද්ධයේදි මියගිය සොල්දාදුවන් හදුනාගැනිමේ අවශ්‍යතාවය ඉස්මතු වී ඇති බව ඕස්ට්‍රේලියානු හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් පවසනවා.

මෙම සොල්දාදුවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්, ඉතිහාසඥයින් සහ පර්යේෂකයින්ගේ කාර්යය දැන් සිදුවෙමින් පවතින අතර, එමඟින් ඔවුන්ට ලැබිය යුතු ගෞරවය හා නැවත භූමදාන කිරීම සහතික කළ හැකියි.

මෙම සොයා ගැනීම සිදු කරන ලද්දේ ඕස්ට්‍රේලියානු හමුදාවේ Unrecovered War Casualties හමුදා ඒකකය විසින්.

World News