Latest News

Online දුම්රිය ටිකට්පත් ජාවාරම ගැන CID විසින් අද අධිකරණයට කියූ දේ

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිල දී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

ඒ මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ව තවදුරටත් විමර්ශන සිදු කරන බව සඳහන් කළා.

මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේ දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

කෙසේවෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින සැකකරුවන් සිව්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

World News