Latest News

ශ්‍රී ලංකාවේ TIN අංකය ගත්, නොගත් අය ගැන නවතම හෙළිදරව්වක්

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් මිලියන 10ක් බදු හඳුනාගැනීමේ අංක සඳහා ලියාපදිංචි වී ඇති අතර තවත් මිලියන 7ක් ලියාපදිංචි වී නොමැති බව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10ක් පමණ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

කෙසේ වෙතත්, තවමත් පිරිසක් මේ සඳහා ලියාපදිංචි වීමට පමාවෙමින් සිටීම සිදු කරත් ඔවුනට තමන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මේ සඳහා උනන්දුවීම අත්‍යවශ්‍ය වනු ඇති අතර තවත් ශ්‍රී ලාංකිකයන් මිලියන 7ක් පමණ ඉදිරියට ලියාපදිංචි කරවාගැනීම තම අපේක්ෂාව බව නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

ටින් අංක ලබාගැනීම ලියාපදිංචියක් පමණක් බවත් එය සිදුකළ පමණින් සියලු දෙනාට බදුගෙවීමට සිදුනොවන බවද ඔහු සඳහන් කළා.

2023 මැයි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව TIN ලබා ගැනීම අනිවාර්ය බවට පත් වූ බව ශාන්ත මහතා පැවසුවා.

තවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතිය හරහා ලියාපදිංචි වන ලෙස ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

ඉදිරියේදී බැංකු තැන්පතු, වාහන ලියාපදිංචි කිරීම්, ඉඩම් ගනුදෙනු සහ ව්‍යාපාරික කටයුතු වැනි ක්‍රියාකාරකම් සඳහා TIN අංක අවශ්‍ය වනු ඇති බවද ඔහු නිවේදනය කළා.

මෙම නව නියාමනය මගින් බදු පාලනය සහ මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරන අතර, අනාගතයේදී ආර්ථික ගනුදෙනු සඳහා TIN අංකය අත්‍යවශ්‍ය හඳුනාගැනීමේ අංකයක් බවට පත් වනු ඇති.

මෑතක සිට බැංකුවල ‘විත් හොල්ඩින්’ බදු ලබාගැනීම සඳහා මෙම අංක ඉල්ලා සිටින බැවින් පුරවැසියන් වැඩි වැඩියෙන් මෙම අංක ලබාගැනීමට උනන්දුවී තිබෙනවා.

World News