Latest News

හෝර්ටන්තැන්නේ ගෝනුන්ට ආහාර දෙන සංචාරකයන්ට නීති තද වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසත්, ජාතික උද්‍යාන නීතිරීති උල්ලංඝනය කරමින් එසේ ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පවසනවා.

ඒ අනුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන ගෝනුන්ට ආහාර ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට පියවර ගත් බවයි එම නිලධාරීන් පැවසුවේ.

මේ පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරු හට ලබන ජුනි මස 11 දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කොට ඇති බවත්, එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවද එම නිලධාරීන් සඳහන් කළා.

මෙසේ කඳුකර ගෝනුන්ට කෑම ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේදී ඔවුන් හට විශාල දඩ මුදල් ගෙවීමට සිදු වන බවත්, අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවීමෙන් විවිධ අපහසුතාවයන්ට හා දුෂ්කරතාවයන්ට ලක් වන බවත් වනජීවී නිලධාරීන් පෙන්වා දෙනවා.

වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර ලබාදීමට ඔවුන් සමීපයට යාමේදී එම සතුන්ගෙන් අනතුරු පවා සිදු විය හැකි බැවින්, වනෝද්‍යානයේ ඇති නීතිරීති වලට අනුගත වෙමින් වනෝද්‍යානය තුළ සංචාරයේ නියැලෙන ලෙස වනජීවී නිලධාරීහු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

World News