Latest News

ලංකාවේ පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්න අවශ්‍ය අවම මුදල ගැන නවතම වාර්තාව මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ පෙබරවාරි මාසය සඳහා නිල දරිද්‍රතා රේඛාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයෙකුට තම මූලික ජීවිත අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16,318ක් ලෙස මෙම වාර්තාවේ සඳහන්.

දිස්ත්‍රික්ක වශයෙන් සළකා බලන විට, ඉහළම දරිද්‍රතා සීමාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය රුපියල් 17,599ක් ලෙස පෙන්වා දී තිබෙනවා.

එසේම, අඩුම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එය රුපියල් 15,603ක්.

මෙම දරිද්‍රතා සීමාවේ පහත වැටීම සඳහා ප්‍රධාන හේතුවක් වශයෙන්, 2025 පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) පෙර මාසයට සාපේක්ෂව පහත තත්ත්වයක පවතිම බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

World News