Latest News

ලංකාවේ ප්‍රදේශ කිහිපයකට මඟී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීමට සූදානමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතිනවා.

එබැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, පුත්තලම – කොටුව, කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

එමෙන්ම, හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත යි.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

World News