Latest News

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද දිනයේදී රන් මිල සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල එක් දිනකදී ඩොලර් 171කින් ඉහළ ගොස් ඩොලර් 3,486 දක්වා වාර්තා වී තිබෙනවා.

මෙය එක් දිනකදී සියයට 5.16ක වැඩිවීමක් වනවා.

මෙම ගෝලීය මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ රන් ආභරණ වෙළෙඳපොළේ ද කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරනවා.

කොළඹ චෙට්ටියාර් වීදියේ රන් වෙළෙන්දන්ගේ සංගමයේ භාණ්ඩාගාරික බාලසුබ්‍රමනියම් මහතා කියනපරිදි, කැරට් 24 රත්‍රන් පවුමක මිල රුපියල් 5,000කින් ඉහළ ගොස් රුපියල් 277,000ක් වනවා.

කැරට් 22 රත්‍රන් පවුමක මිල රුපියල් 3,000කින් ඉහළ ගොස් රුපියල් 255,000ක්.

පසුගිය දින 3 තුළ රන් ආභරණ මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ගනේෂමූර්ති මහතා පැවසුවේ, ඉදිරි කාලයේදී රත්‍රන් මිල සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇති බවයි.

World News