Latest News

සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට දැකිය හැකි දුර්ලභ අවස්ථාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අප්‍රේල් 25 වැනිදා අලුයම ශ්‍රී ලංකාවේ නැඟෙනහිර අහසේ දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක ගත හැකි වනවා.

ඒ අනුව සිකුරු, සෙනසුරු සහ කුඩා සඳ එකට පෙළ ගැසී අහසේ සිනහ මුසු මුහුණක හැඩය මවනු ඇති.

නාසා ආයතනයට අනුව, මෙම විශ්මයජනක දර්ශනය හිරු උදා වීමට ටික වේලාවකට පෙර නැඟෙනහිර ක්ෂිතිජය අසලින් මනස්කාන්ත දසුනක් වනවා.

තාරකා විද්‍යාත්මක ව ගත් කල, ග්‍රහලෝක හෝ වෙනත් ආකාශ වස්තූන් අහසේ එකිනෙකට සමීප ව පෙනෙන විට එය සංයෝගයක් ලෙස හැඳින්වෙනවා.

මෙහි දී සිකුරු ග්‍රහයා දීප්තිමත් ව ඉහළින් ද, සෙනසුරු ඊට පහළින් ද, කුඩා සඳ ඊට මඳක් උතුරට හා පහළින් ද පිහිටනවා.

මෙම තිදෙනා එක් ව සිනාසෙන මුහුණක හැඩය අහසේ මවනු ඇති අතර නාසා නියෝජිත බ්‍රෙන්ඩා කල්බර්ට්සන් පවසන පරිදි, සිහින්, කුඩා සඳ සිනහවක් මෙන් දිස් වෙනවා.

දීප්තිමත් වස්තූන්ගේ ත්‍රිකෝණය සමහර අයට සිනහ මුසු මුහුණක් ලෙස පෙනෙන්නට පුළුවන්.

මෙම අපූරු දසුන නැරඹීම සඳහා අප්‍රේල් 25 වැනිදා අලුයම 5:30ට පමණ නැඟෙනහිර ක්ෂිතිජය දෙස බලන්න.

පැහැදිලි අහසක් සහිත ව අවම ආලෝක දූෂණයක් ඇති ස්ථානයකින් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි.

පියවි ඇසින් වුව ද මෙම ග්‍රහලෝක සහ සඳ පැහැදිලිව දැක ගත හැකි අතර, දුරදක්නයක් හෝ දුරේක්ෂයක් භාවිතයෙන් වඩාත් විස්තරාත්මක ව නැරඹිය හැකියි.

වාසනාවන්ත නම්, මෙම සිනහවට පහළින් බුධ ග්‍රහයාගේ බොඳ වූ දර්ශනයක් ද ඔබට දැක ගැනීමට හැකි වනු ඇති.

මෙම විශ්වීය දසුන අපට විශ්වයේ සුන්දරත්වය සහ එහි අපට හිමි ස්ථානය සිහිපත් කර දෙනවා.

World News