Latest News

රුසියාවෙන්, ඔස්ට්‍රේලියාවට බරපතල චෝදනාවක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු දේශපාලන නායකයින් ඊනියා දේශපාලනයක් සිදුකරන බවට රුසියාව චෝදනා කරනවා.

ඩාවින් සිට කිලෝමීටර් 1,300 ක් පමණ උතුරින් පිහිටි ඉන්දුනීසියානු පැපුවා පළාතේ ගුවන් හමුදා කඳවුරේ රුසියානු ගුවන් යානා ස්ථාපිත කරන බවට එක්සත් ජනපද ඔත්තු සේවා වෙබ් අඩවියක් වන ජේන්ස් පසුගිය සතියේ වාර්තා කළා.

ඊට ඔස්ට්‍රේලියා අගමැතිවරයා ඉන්දුනීසියාවෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසයි.

එහෙත් පසුව ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ ඉන්දුනීසියාවට එවැනි යෝජනාවක් රුසියාව සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් අද ඉන්දුනීසියාවේ රුසියානු තානාපතිවරයා කියාසිටියේ දෙරට අතර අන්තර් රාජ්‍ය සබඳතාවලට ඔස්ට්‍රේලියාව කනස්සල්ලට පත්වන හේතුව කුමක්ද යන්නයි.

තම භූමියේ සිට කිලෝමීටර් 1,300 ක් දුරින් සිදුවන දේ ගැන වෙනත් ස්වෛරී රාජ්‍යයන් අතර සබඳතා පිළිබඳ ඔස්ට්‍රේලියාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු එක්ස් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඉන්දුනීසියා – රුසියා ආරක්ෂාව ශක්තිමත් කිරීම කිසිදු 3 වන රටකට එරෙහිව ඉලක්ක කර නොමැති අතර ආසියා- පැසිෆික් කලාපයේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවයි ඉන්දුනීසියා, රුසියානු තානාපතිවරයා අවධාරණය කර ඇත්තේ.

World News