2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ කතෝලිකයන් 167 දෙනෙකු, ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට වතිකානය තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කන් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශ කළා.
ඒ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙය අතරතුරදීයි.
මැල්කන් කාදිනල් රංජිත් හිමිපාණන් මීට පෙර වතිකානයේ ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූවන් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.