Latest News

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ටෝකියෝවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ නව අමෙරිකානු තානාපති ජෝර්ජ් ග්ලාස්, චීනයේ මිලිටරි හා ආර්ථික අභිලාෂයන් මැඩපැවැත්වීම සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි කැමැත්තක් පළ කර ඇති බව Japan Times වාර්තා කර තිබෙනවා.

මෑතකදී එක්සත් ජනපදය තම ප්‍රධාන ආසියානු හවුල්කරුවාට පැනවූ තීරුබදු නොතකා, ජපානය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳ ව ඔහු “අතිශයින් ශුභවාදී” බවක් පළ කළ බවයි පැවසෙන්නේ.

Japan Times පුවත්පතට අනුව, ගැඹුරු සහයෝගීතාවයක් සඳහා වොෂින්ටනයේ ප්‍රධාන ඉලක්කයක් වනුයේ බීජිං හි “ආක්‍රමණකාරී ගතිපැවතුම්වලට” එරෙහිව සටන් කිරීම බව රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කළා.

එයට ණයදීමේ පිළිවෙත් පමණක් නොව වෙළඳ නීති මග හැරීමේ උත්සාහයන් ද ඇතුළත්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය වෙළඳ ප්‍රතිලාභ සඳහා ඔවුන්ගේ ආර්ථිකයන්හි චීනයේ භූමිකාව අඩු කිරීමට එක්සත් ජනපද වෙළඳ හවුල්කරුවන් වෙත පීඩනයක් එල්ල කිරීම, අඛණ්ඩ තීරුබදු සාකච්ඡා උපයෝගී කර ගැනීමට අදහස් කරන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News