Latest News

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් තවත් පිරිසක් ජිවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය අධාර අවශ්‍ය කෙරෙන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ මාර්ග ද අවහිර කරමින් ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

World News