ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලාංකික පවුලකට ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසිකව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව පවසනවා.
2025 පෙබරවාරි මාසයේදී, පවුලක ආහාර අවශ්‍යතා සඳහා සාමාන්‍යයෙන් රුපියල් 47,107.55ක් සහ ආහාර නොවන අවශ්‍යතා සඳහා රුපියල් 57,507.67ක් වැය වී ඇති බව එම වාර්තාවේ සඳහන්.
පවුලක මාසික ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසයට සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවරව පවතින අතර, ආහාර නොවන වියදම පසුගිය මාසවලට සාපේක්ෂව සුළු වෙනස්කමක් දක්වනවා.
එහෙත්, 2024 පෙබරවාරි හා සසඳන විට 2025 පෙබරවාරි මාසයේ ආහාර නොවන වියදම සියයට 6කින් අඩුවී තිබෙනවා.
2025 මාර්තු මාසයේදී දේශීය සහල් වර්ගවල සාමාන්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස වෙනස් වී නැහැ.
දේශීය නාඩු සහල් කිලෝවක මිල රුපියල් 243ක් වූ අතර, එය 2025 පෙබරවාරි සහ 2024 මාර්තු මාසවලට සාපේක්ෂව සියයට 8ක මිල ඉහළ යාමක් වනවා.
කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල මිල මාර්තු මාසයේදී අඩුවී ඇති බවද වාර්තාවේ සඳහන්.