Latest News

කොළොම්බියාවේ හදිසි තත්ත්වයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඇමරිකානු රටක් වන කොළොම්බියාවේ කහ උණ රෝගයෙන් 34 දෙනෙකු මිය යාමත් සමඟ රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරේ සිට කහ උණ වේගයෙන් පැතිරෙමින් පවතින අතර, එය ඊඩිස් සහ හීමොෆිලස් මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් රෝගයක් වනවා.

මේ වන විට රෝගීන් 74 දෙනාගෙන් 34 දෙනෙකු මිය ගොස් ඇති අතර ටොලිමා ප්‍රදේශයේ 22 දෙනෙකු දැඩි සත්කාර ලබනවා.

ඒ අනුව රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසරේ මෙම කාලයේ බොහෝ කොලොම්බියානුවන් උණුසුම් ප්‍රදේශවලට ගමන් කරන අතර, එම ප්‍රදේශවල රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බහුලව සිටින බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය ඇමති ගිලර්මෝ අල්ෆොන්සෝ ජරමිලෝ පවසන පරිදි, අවදානම් ප්‍රදේශවලට යන පුද්ගලයින් එන්නත්කරණ සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනු ඇති.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමිලේ ලබා දෙන එන්නත ලබා ගන්නා ලෙසයි.

World News