Latest News

සෙලෙන්ස්කිගෙන් චීනයට චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි, චීනයට චෝදනා එල්ල කරනවා.

ඒ රුසියාවට අවි සහ වෙඩි බෙහෙත් සපයන බව පවසමින්.

යුද්ධයට සහාය වීම සඳහා චීනය විසින් රුසියාවට අවි සපයන බවත්, යුද්ධයට අවශ්‍ය අවි රුසියාව තුළ නිෂ්පාදනය කරන බවටත් තමාට බුද්ධි තොරතුරු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

යුක්‍රේන ජනාධිපතිවරයා එල්ල කරන මෙම චෝදනාවට රුසියාවෙන් හෝ චීනයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වතෙත්, චීනය මීට පෙරදී රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

World News