2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී ආබාධයකට ලක් වූ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට, දසුන් ශානක ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.
ඒ අනුව, දසුන් ශානක ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දසුන් ශානක, මීට පෙර 2023 IPL තරගාවලියේදීද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.