Latest News

රටවල් 30 ක අමෙරිකන් තනාපති කාර්යාල වසා දැමීමට ට්‍රම්ප්ගේ අවධානය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටවල් 30 ක අමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්.

යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත්.

සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවැසෙනවා.

ප්‍රංශයේ අමෙරිකන් කොන්සල් කාර්යාල පහක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී තිබෙනවා.

ඊට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

World News

Send your contact Details Today