Latest News

සිරි දළදා වන්දනාව හෙට ඇරඹේ – ඒ ගැන ඔබ දැනගත යුතුම තොරතුරු මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙට (18) සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව හේතුවෙන් අද උදෑසන 6 සිට මහනුවර නගරයට රථවාහන ඇතුලු කිරීම සීමා කර තිබෙනවා.

නගරය තුළ ඇති විය හැකි අනවශ්‍ය තදබදය අවම කිරීම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දස දහසකට අධික පිරිසක් රාජකාරියේ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම, සිරි දළදා වන්දනාව හේතුවෙන් ලබන 21 වනදා සිට 25 වනදා දක්වා මහනුවර, වත්තේගම සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් 50 ක් සදහා නිවාඩු ලබා දී තිබෙනවා.

බැතිමතුන් පැමිණෙන වාහන නතර කිරීම සඳහා නගර සීමාවෙන් එපිට ස්ථාන 6ක් වෙන්කර ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව, ගම්පොළ හා කොළඹ සිට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් නවතා එම වාහන ගැටඹේ ක්‍රීඩාංගනය හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබිය හැකියි. කුරුණෑගල – කටුගස්තොට මාර්ගයේ දෙසින් පැමිණෙණ වාහන 4 කණුව අසළ නතර කළ යුතුයි.

මඩවල මාර්ගයෙන් පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබිය හැකි අතර, මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතෙන් නතර කළ යුතු වනවා.

මහියංගනයේ සිට පැමිණෙන වාහන පල්ලේකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගනයේ නවතා තැබිය යුතු අතර බදුල්ලේ සිට පැමිණෙන වාහන ගුරු දෙණිය ප්‍රදේශයේ නවතා තැබිය යුතුයි.

එම ස්ථානවල සිට සහන ගාස්තුවක් යටතේ දළදා මාලිගාව දක්වා පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙනවා.

එමෙන්ම, දෛනික අවශ්‍යතාවයන් සඳහා මහනුවර නරගයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද රථගාල 12ක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම, සිරි දළදා වන්දනාවට පැමිණීමේදී විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා,වීඩියෝ උපකරණ, සහ අනෙකුත් විද්‍යුත් උපකරණ රැගෙන ඒමෙන් වළකින ලෙස ද පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

හෙට පස්වරු 3.30 සිට 5.30 දක්වා සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවන අතර අනිද්දා සිට 27 වැනිදා දක්වා දළදා වහන්සේ වන්දනාවට අවස්ථාව හිමිවන්නේ දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා පමණයි.

මේ අතර, සිරි දළදා වන්දනාව වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මකයි.

World News