Latest News

ඉන්දියාවට, සුඩානයෙන් ස්තුතියක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානය වෙත ලබාදෙන මානුෂීය ආධාර වෙනුවෙන් ඉන්දියාවේ සුඩාන තානාපති මොහොමඩ් අබ්දල්ලා අලි එල්ටොම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රජයට විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩානයේ පවතින ගැටුම් මධ්‍යයේ යුද්ධය ආරම්භ වූ වහාම විශේෂ ගුවන් යානයක් මගින් සුඩානයට ලබා දුන් ඖෂධ ටොන් 25ක් නැව්ගත කිරීම මෙහි කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවයි.

යුද්ධය ආරම්භ වූ විගසම ඉන්දීය රජය එවන ලද ටොන් 25ක් බරැති ඖෂධ තොගය සුඩානයට දැඩි ලෙස උපයෝගී වූ බව ද සුඩාන තානාපති එල්ටොම් මහතා වැඩිදුරටත් විස්තර කර තිබෙනවා.

මෙය එම ඖෂධ තොගයේ දෙවැනි නැව්ගත කිරීම ද වනවා.

ඊට පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ද ඇතුළත්.

එල්ටොම් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

”මෙය පසුගිය මාසයේ ලැබුණු දෙවන නැව්ගත කිරීමක්. එයට පිළිකා ඖෂධ ද ඇතුළත්. මෙය ඉතා අවශ්‍ය වන අතර, ඉන්දියානු දෙපාර්තමේන්තුවෙන් දැන් අපට ලැබෙන හිමොලිසිස් යන්ත්‍ර සම්බන්ධයෙන් අපි ඉතා ත්‍යාගශීලී ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු. මෙය වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට උපකාරී වනු ඇත. ඔබ දන්නා පරිදි එය ඔවුන්ට ඉතා වැදගත් වේ…” යනුවෙනි.

World News

Send your contact Details Today