Latest News

මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා

පොලීසිය පැවසුවේ මෙම අනතුරු අද එනම් 2025.04.15 දිනයේ සිදුවූ බවයි.

ඒ අනුව අද අලුයම් කාලයේදී කුරුණෑගල – දඹුල්ල A-6 මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී තිබෙනවා

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 43 වයස්වල පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා.

අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර අද අලුයම් කාලයේදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කි.මි 134-135 කණුව අතර ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගත් යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

World News

Send your contact Details Today