Latest News

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු හසුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද එනම් 2025.04.15 දින ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවිකර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තෙකි.

සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවද පොලීසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලීසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙක් බවද පොලීසිය පවසයි.

සැකකරු ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නැමැති ව්‍යාජ නමක් භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන ඇති අතර රටින් පිටවීම සඳහා ඔහු මෙම නම භාවිත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today