Latest News

අවුරුද්දට රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට අකැප දෙයක් ගැන දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අලුත් අවුරුදු සමයේ පොලිසියේ රාජකාරි කරන සියලු දෙනාට විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියළු පොලිස් නිලධාරීන් වෙත මේ බව දන්වා තිබෙනවා.

එසේ සුළු නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකල යුතු බවටත් තවදුරටත් දන්වා තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් භාර නොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇති අතර මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

World News