Latest News

වසර 128කට පසු ඔලිම්පික් යන ජනප්‍රිය ක්‍රීඩාවවසර 128කට පසු ඔලිප්ම්පික් යන ජනප්‍රිය ක්‍රීඩාව

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ඉසව්ව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 06 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට අදාළ නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැති බවයි ක්‍රිඩා වාර්තා සඳහන් කළේ.

මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, එහිදී සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකිවනු ඇති.

මෙවර ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී අවසන් වරට ක්‍රිකට් තරඟ පවත්වා ඇත්තේ 1900 වසරේ වන අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට මෙවර ක්‍රිකට් ඉසව්වක් ඇතුලත් වන්නේ වසර 128කට පසුව වීම විශේෂත්වයක්.

World News