Latest News

සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරය මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.

ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම වෙනුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

බලධාරීන් පවසන්නේ, සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි.

මෙම ක්‍රමය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වන අතර, එහිදී සුරතල් සුනඛයින්ට සති අටක් පිරෙන්නට පෙර මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය වනවා.

මයික්‍රො චිප් බද්ධ කරන ලද සතුන් අතරමං වුවහොත් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත ආපසු ලබා දීමට බොහෝ දුරට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, චෙන්නායිහි, සුනඛයින් අතහැර යන හිමිකරුවන් වෙත වගකීම්සහගත බව ඇති කිරීමේ පියවරක් ලෙසයි මෙම මයික්‍රො චිප් බද්ධ කිරීමේ නව වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත්තේ.

World News